Life
රහසක් සමඟ මතුවන හිසරදය
මෙවැනි පීඩාවනට පත්ව සිටින කාන්තාවන්ට තමාගේ සැබෑ ජීවිතය අන් අය සමඟ
විවෘතව කතා කිරීමට නොහැකි වීම නිසා මානසිකව පීඩා විඳිමින් හිසරදය, නින්ද
නොයැම ආදී රෝග ලක්ෂණ සඳහා වේදනා නාශක ඖෂධ වර්ග වෛද්‍යවරුන්ගෙන් ලබා ගෙන
තාවකාලික සුවයක් ඇති කර ගන්නවා.
හිසරදය කියන්නේ රෝගයක් නොව
කිසියම් රෝගයකදී මතුවන රෝග ලක්ෂණයක් යෑයි වෛද්‍යවරු පවසති. සෙම් රෝගවලදී
වෛරස හෝ බැක්ටීරියා ආසාදන රෝගවලදී ඇසේ පෙනීමේ දුර්වලතාවලදී ආදී ලෙසින්
විවිධ රෝග අවස්ථාවන්හිදී නිතර නිතර පවතින හිසරදය මතුවන බව අපි දනිමු. මීට
අමතරව වර්තමානයේ බොහෝ කාන්තාවන් නිතර පීඩා විඳින හිසරදයක් පිළිබඳවද
අනාවරණය වෙමින් පවතී. එම හිසරදය පිළිබඳව අපි මදක් විමසා බලමු.
වෛද්‍යතුමනි වර්තමානයේ බොහෝ කාන්තාවන් නිතර පීඩා විඳින හිසරද තත්ත්වයට හේතු ලෙස හඳුනාගෙන ඇත්තේ කුමක්ද?
විවිධ
රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන කාන්තාවන්ගෙන් බොහෝ දෙනෙක්
හිසරදය, නින්ද නොයැම, අලස බව ආදී රෝග ලක්ෂණ පවසමින් ප්‍රතිකාර ලබා ගැනීමට
පැමිණෙනවා. ඔවුන්ගේ රෝග ලක්ෂණ අනුqව පරීක්ෂා කර බැලීමේදී බොහෝ දෙනකුට
විශේෂ රෝග තත්ත්වයන් මතු වී නැහැ. නමුත් ඔවුන් පවසන්නේ දැන් දීර්ඝ කාලයක
සිට මෙම අපහසුතා සඳහා විවිධ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවත් ඉන් මතුව ඇති
අපහසුතාවලට විසඳුමක් ලැබී නැති බවත්ය.
මෙවැනි කාන්තාවන් සමඟ ටික
වේලාවක් කතා බහ කිරීමේදී හඳුනා ගැනීමට හැකි වූයේ ඔවුන් බොහෝ දෙනකු තම
විවාහ ජීවිතයේදී නිසි ලිංගික තෘප්තියක් ලබා නැති බවය. විවාහ වූ නිසා
සැමියාගේ අවශ්‍යතා ඉටු කිරීම හැර තමාගේද කැමැත්ත මත ලිංගික කටයුතුවල යෙදීමට
ඔවුනට අවස්ථාව ලැබී නැහැ. මෙය ඔවුනට විවෘතව කතා කිරීමට තරම් සමාජ
පසුබිමක් අප රටේ තවම උදා වී නැහැ. ඒ නිසා ඔවුන් එය සිතේ සිරකරගෙන දුක්
විඳිනවා.
මෙම කාන්තාවන්ගේ ස්වාමිපුරුෂයන්ද සිතන්නේ බිරිඳ යනු දරුවන් වැදීමට පමණක් තමන් හා එක්වන කොට්ඨාසයක් බව කියාය.
අපි
සමාජයේ තාක්ෂණයෙන් දියුණුවක් ලබා තිබුණත් තවමත් එක්තරා පිරිසක් ආගමික
සහ සංස්කෘතික කරුණු මුල් කරගෙන කාන්තාව ලිංගික ශ්‍රමිකයකු බවට පමණක්a පත්
කරගෙන සිටිනවා.
මෙවැනි පීඩාවනට පත්ව සිටින කාන්තාවන්ට තමාගේ සැබෑ
ජීවිතය අන් අය සමඟ විවෘතව කතා කිරීමට නොහැකි වීම නිසා මානසිකව පීඩා
විඳිමින් හිසරදය, නින්ද නොයැම ආදී රෝග ලක්ෂණ සඳහා වේදනා නාශක ඖෂධ වර්ග
වෛද්‍යවරුන්ගෙන් ලබා ගෙන තාවකාලික සුවයක් ඇති කර ගන්නවා.
මෙම ගැටලු
පිළිබඳව අප නිවැරදි අවබෝධයෙන් යුක්තව හඳුනාගෙන අදාළ විවාහක කාන්තාවන්ගේ
ස්වාමිපුරුෂයන් සමඟද සාකච්ඡා කර නිවැරදි විසඳුම් ලබාදිය යුතුයි.
වෛද්‍යතුමනි මෙවැනි ප්‍රතිකාර ලබාදීම සඳහා අප වෛද්‍ය සේවාව කෙසේ සකස් විය යුතුද?
මෙවැනි
රෝග ලක්ෂණ දිගු කාලයක් තිස්සේ පවතිනවා යෑයි කියන කාන්තාවන් වෛද්‍ය
ප්‍රතිකාර සඳහා පැමිණි විට ක්ෂණිකව ඖෂධ ලබා දෙනවාට වඩා ඔවුන්ගේ පවුලේ
තොරතුරු විවාහ දිවිය දූදරුවන් පිළිබඳව ආදිය මදක් විමසා බැලුවහොත් මෙය
හඳුනාගත හැකියි.
එසේම මෙය ඉතා විශ්වාසනීයත්වය මත පදනම්ව ප්‍රතිකාර
කළ යුතු අවස්ථාවකි. අප රටේ කාන්තාවන් තවම ලිංගික දිවිය ගැන විවෘතව කතා
කරන්නේ නැහැ. ඒ සඳහා ඔවුන් තුළ ලැඡ්ජාවක් බියක් පවතිනවා. එසේම සැමියාගේ
ආධිපත්‍යයට යටත්ව දිවි ගෙවීම නිසා තම ගැටලු අන් අයට පැවසීමට බියක්
දක්වනවා.
ඒ නිසා මෙවැනි ගැටලුවලට ප්‍රතිකාර ලෙස නිසි උපදේශන
සේවාවන් ක්‍රියාත්මක විය යුතුයි. එසේ නොවුණහොත් හිසරදය නින්ද නොයැම පමණක්
නොව ඔවුනගේ ස්ත්‍රි හෝමෝනවල ඇති වන අසමතුලිතතා නිසා වෙනත් රෝග මතු විය
හැකියි. එනම් ඔසප් චක්‍රයේ අක්‍රමිකතා, මඳසරු බව ආදිය ඉන් ප්‍රධාන තැනක්
ගන්නවා.
විවාහක කාන්තාවකට තම සැමියාගේ ආදරය, කරුණාව අවශ්‍යයි. නමුත්
ඇතැම් කාන්තාවන් සිතා සිටිනවා එවැනි ආදරයක්, කරුණාවක් නොව සැමියාගේ සැර
පරුෂ බව පමණක් ප්‍රමාණවත් බව. එවිට සැමියාගෙන් ලැබිය යුතු ආදරය, කරුණාවද
අහිමි වී යනවා. ඉන්පසු කාලයක් ගත වන විට ඔවුන් නොදැනීම මානසික පීඩාවන්ට
ගොදුරු වෙනවා. මෙවැනි කාන්තාවන් බොහෝ දෙනෙක් නිතර නිතර විවිධ රෝග තත්ත්ව
කියමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන අවස්ථා දකින්නට ලැබෙනවා.
මෙම රෝග තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා දුරකථන අංක 077-5109862 අමතා ලබාගත හැකිය.
ආයුර්වේද වෛද්‍ය සුජීව විතාන,
සෙත්සුව ආයුර්වේද රෝහල,
බටලන්ද
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks